80, 90 ගණන් වල ඉපදිලා හැදිච්ච වැඩිච්ච් එකෙක් ඉන්නවනං ඒ කාලේ තිබුණ පට්ට කාටූන් ටික අමතක කරන්න බෑ. අමතක වෙන්නෙ කොහොමද? ඒ කාලේ කන්න බොන්න අමතක වුණත් රුපවාහිනී චැනල් එකේ දොස්තර හොඳහිත යන වෙලාව නං ඔලුවේ ගලේ කෙටුව වගේ තියෙනව. දොස්තර වගේද පිස්සු පූසා, ඇයි හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය?
ඒ කාටුන් ටික. එත් කාටුන් විතරද අපි කට ඇරන් බලං හිටියෙ? මතක නැද්ද රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය, පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන, හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා?
මේ එකක්වත් මෙහෙ ඒවා නෙමෙයි. එත් අපිට එවයේ අංශු මාත්‍රයක වෙනසක් නොදැනෙන්න අපි දන්න අඳුරන සිංහලට හැරෙව්වේ නොදන්නා කව්රුත් නැති, කව්රුත් ආදරය කලේ ටයි මාම, හෙවත් ටයිටස් තොටවත්ත මහතා.
පිටරට භාෂාවක් අපිට තේරෙන විදියට හරවන එක ලේසි වැඩක් නෙමෙයි. එක පට්ට අමාරු වැඩක්. වචනෙන් වචනේ පෙරලලා හරියන්නේ නෑ නේ. ඒ ඒ භාෂාවලට ආවේනික උපමා, ඉඟි, පිරුළු, කොච්චර තියෙනවද? එකනේ අලුත් භාෂාවක් ඉගෙන ගන්න ඔච්චර අමාරු. එත් ටයි මාම එක කළා විතරක් නෙමෙයි, එක කලේ ශබ්දකෝෂේ තියෙන ගාම්භීර වචන නොදා අපි හැමදාම කතාකරන වචන දාල. ඒ වෙන මොනවත් නෙමෙයි, හැකියාව හැකියාව. වැඩිය ඕනෙ නෑ, දිය රකුස් ගේ ගෝලය චෞ චෞ මතකද? පිස්සු පුසගේ ටෝක්?
ටයි මාමා පස්සට වැඩසටහන් නිෂ්පාදනයෙන් අයින් වුනේ මොකද කියලනම් මම දන්නේ නෑ. ඇත්තටම අපි හැමෝටම අදටත් වැඩිය පාඩු වුනේ ඇත්තටම අන්න එදා. ටයි මාමාගේ වැඩවලට ලඟටවත් එන්න පුළුවන් වුනේ මගෙ හිතේ හැටියට සුර පප්පට විතරයි. එත් ඒ මොනවත් ඒ පරණ වැඩසටහන් අහලකින් වත් තියන්න පුලුවන්ද?
දැන් ඉතින් ටයි මාමත් නැති වුණා. රටට සුවිසල් සිනා කන්දරාවක් ගෙනත් දුන්න ඒ උත්තමයට තමන් කරපු වැඩ ගැන සතුටු වෙන්න මිනිස්සු වචනෙන් හරි සංග්‍රහ කරන්න ඇති කියල මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් ආයි දවසක පිස්සු පුසා හරි, හා හා හරි හාවා හරි, ටයි මාමාගෙ නම ගහපු වැඩසටහනක් පෙන්නන කොට (බයවෙන්න එපා, අනිවා ආයි පෙන්නනවා. ඒවා කල්ප කාලාන්තරෙකට වලංගුයි, අවලංගු නෑ. ඒවාට ගහන්න බෑ, ගහන්න ඒවා හදලත් නෑ, හදන්න මිනිස්සුත් නෑ.) ඒ මනුස්සය මතක් කරලා තුං සිත පහදවල, හිත සන්තෝසෙන්, පිං වත් දෙමු.
“ටයි මාමේ” ඔබට නිවන් සුව!!!
Advertisement

මම දන්න තරමින් ටයි මාමා වැඩසටහන් නිෂ්පාදනයෙන් අයින් වුනේ රෝගාතුර වෙන්න ගොඩාක් කලින්. හේතුව මම හරියටම දන්නෙ නැති වුනත් ඒක මොකක් හරි හිත් රිදීමක්ද කියල සැකයක් හැමදාම මගේ හිතේ තිබුනා. ඒ වගේම එතුමට අමාරු කාලෙ රටක් විදියට ඒ වගේ සේවයක් කළ කෙනෙක්ට අපි සැලකුවා ඇතිද කියලත් හිතපු වාර අනන්තයි. ඒත් ඉතිං ඕව හිතනවට වඩා වැඩියක් කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. මොනව කරන්නද?!ටයි මාමා ඇත්තටම ලොකු සේවයක් කළාද කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් පරම්පරාවක ළමා කාලය ලස්සන සහ අර්ථවත් කරන එක රටකට කරන්න පුළුවන් ලොකුම සේවය. මොකද ඒ ළමයි තමයි රටක අනාගතය හදන්නෙ. "ටයි මාමාගෙ කාලෙ ළමයෙක්" වෙන්න මම ගොඩක් වාසනාවන්තයි. ටයි මාමා දැන් අපි එක්ක නැහැ කියන එක හිතන කොටත් දුකයි.ටයි මාමාට නිවන් සුව.
ඇත්ත කතාව…ටයි මාමා ජීවත් වෙලා ඉන්න කාලෙය් ඔහු කරපු වැඩ සටහන් බලන්න ලැබීම වාසනාවක්…මොකද ඔහු ඇත්තටම එම වැඩසටහන් නිෂ්පාදනය කරද්දී අපි පොඩි ළමයි…. ඒගැන මටනම් හරි ආඩම්බරයි.